Truth - ඇත්ත
Thursday, July 19, 2018
ශිෂ්‍ය ණය අර්බුදය !
කතාවක් කියන්නද?
මේ දවස් වල ශිෂ්‍ය ණය ගැන හරියට හොඳ කියනවනෙ. ඇත්තටම ශිෂ්‍ය ණය හොඳයි තමයි. යම්කිසි කුසලතාවක් වර්ධනය කරගෙන රටේ ආර්ථිකයට දායක වෙන්න පුද්ගලයෙක්ට ණය මුදලක් දීල පස්සෙ ඒ කුසලතාව භාවිතා කරල ඔහු මුදල් උපයනකොට අර මුල් ආයෝජන අය කර ගන්නව. සෑහෙන සරල ප්ලෑන් එකක්. අනික රාජ්‍ය ආයතනයකින් ඔය ණය දෙනවනම් සාධාරණ මුදලක් සාධාරණ පොලියකට සුදුසුකම් ඇති පුද්ගලයින්ට දෙයි නෙ නේද?
එහෙම හිතපු තව රටක් ගැන තමයි මේ කතාව. රට ඇමෙරිකා එක්සත් ජනපදය. අවුරුද්ද 1972.
ඇමෙරිකාවෙත් ශිෂ්‍ය ණය ක්‍රමය පටන් ගත්තෙ රාජ්‍ය ණය ක්‍රමයක් විදියට. 'සැලී මේ' (Sallie Mae) කියන ආයතනයෙන් හැසිරවුණු ඒ ණය ක්‍රමය ඉතාම සාර්ථකව ක්‍රියාත්මක වුනා. ඒ නිසා අද්‍යාපන අර්බුධයට ශිෂ්‍ය ණය ක්‍රමය විසඳුමක් කියන අයගෙ තර්කයට ඓතිහාසික පදනමක් තිබෙනවා.
ඇත්තටම ශිෂ්‍ය ණය අදටත් ඔච්චරටම ජනප්‍රිය ඒ මුල් සාර්ථකත්වයට යම් දුරකට හරි පිං සිද්ද වෙන්න තමයි.
එතකොට මොකක්ද student debt crisis කියන්නෙ මොකක්ද? අච්චර හොඳට ගිය ප්‍රෝග්‍රෑම් එකක් crisis එකක් ඇති කරන තැනට වැටුනෙ කොහොමද?
තනි වචනෙකින් උත්තර දෙන්න පුලුවන්.
"පෞද්ගලීකරණය".
1997 පටන් ගත්ත සැලී මේ රාජ්‍ය ආයතනය පෞද්ගලීකරණය 2004දී සම්පූර්ණ වුනා. ඒත් එක්ක හැම දේම වෙනස් උනා.
පෞද්ගලීකරණය කරපු සැලී මේ ආයතනය කොටස් වෙළෙපොලේ ලියාපදිංචි කෙරුණා. නව කළමණාකාරිත්වයට තිබුනෙ එක සරල අරමුණක්.
ලාභය.
මෙතන ඉඳන් කතාව පුදුම වෙන්න දෙයක් නෙවෙයි. ණය දෙන ආයතනයක් ලාභ ලබන්න නම් පුලුවන් තරම් ගාණකට ණය දෙන්න ඕන.
කොහොමද වැඩි ශිෂ්‍යන් ගණනකට ණය දෙන්නෙ? සිම්පල්, ඕන කෙනෙකුට ඕනම දෙයක් හදාරන්න ණය දෙනව. අදාල කෙනාට ඒ විශය හදාරන්න පුලුවන්ද? කුසලතාව ප්‍රමාණවත්ද? ඒ විශය හදාරපු අය ඒ තරම් ගාණක් රටට ඕනද? මේව සැලී මේ ට ප්‍රශ්න නෙවෙයි. (මේ කෑල්ල අහල පුරුදුයි වගේ නේද?)
සැලී මේ ණය දෙනව. ඉකොනොමික්ස් ගැන මලපොතේ අකුරක් නොදන්න 18-19 වයසෙ උන් මහ උන් වගේ ණය ගන්නව. සැලී මේ කොම්පැනිය දවසෙන් දවස වැඩි වැඩියෙන් ලාභ පෙන්නනව.
එතකොට මේ කොම්පැනියෙන් ලමයින්ව නොමඟ යවල ණය දෙනකොට "ඕක ගන්න එපා, ගත්තොත් ගෙවන්න වෙන්නෙ නෑ" කියල කියන්න කෙනෙක් නැද්ද?
ඉන්නව. ස්ටුඩන්ට් ලෝන් ඔෆිසර්ස් (ශිෂ්‍ය ණය නිලධාරී) කියල නිලධාරීන් කොටසක් විශ්වවිද්‍යාල වල ඉන්නව. ඒත් සැලී මේ කලේ මේ අයවට් සල්ලි වලට ගන්න එක. සමහර අවස්තා වල සමහර විශ්වවිද්‍යාල වල ශිෂ්‍ය ණය නිලධාරියා සැලී මේ එකේ pay roll එකේ කෙනෙක් නීත්‍යානුකූලවම. ඔව්, සල්ලි බලේ තමයි.
ඒ විතරක් නෙවෙයි. මේ ණය කිසිම එකක් විශ්වවිද්‍යාලය තුල සිටින කාලය තුල ගෙවන්න අවශ්‍ය නෑ. ඒ වෙනුවට තව තව ණය (top ups) ගන්නත් පුලුවන්.
හැබැයි ණය ගත්ත උන්ට අබසරණයි. තමන්ට කරන්න කුසලතාවයක් නැති රැකියාවක් කරන්න හෝ කිසිම රැකියාවකට පලක් නැති "උපාදියක්" ඩොලර් දසදහස් ගාණක් ලක්ශ ගාණක් දීල එලියට බහින මේ "ළමයි" එක සැබෑ ලෝකෙ අඳුරු සත්‍ය විසින් එක රැයින් වැඩිහිටියන් කරනවා. තමන්ගෙ උපාදිය කිසිම පලකට නැති එකක් බවත් ඒක තමන්ට විකුණල තියෙන්නෙ රවට්ටල බවත් මොවුන්ට ඉතාම ඉක්මණට අවබෝධ වෙනව. ඒත් එතකොට පරක්කු වැඩියි.
කොහේ හරි ජොබ් කට්ටකට අවම පඩියකට පැනගෙන ඉතුරු ජීවිත කාලයම වගේ ඔවුන් කරන්නෙ අර ණය ගෙවන එක.
ගෙවල් දොරවල්, වාහන ඔවුන්ට සිහින. කසාද බඳින එක පවා දෙවරක් හිතන්න වෙනව.
මේකෙ බලපෑම දැනටම ආර්ථිකයට දැනෙන්න පටන් අරන් තියෙනව. ණය වහල්ලු වෙච්ච් මේ අයට මිලදී ගැනීමේ හැකියාවක් (ක්‍රය ශක්තියක්) නෑ. මේක ආර්ථිකයකට මරු පහරක්. ගොඩක් ව්‍යාපාර මේ නිසා බැට කනව. ඔවුන්ගෙ නිශ්පාදන මිලට ගන්න කට්ටිය නෑ. නිශ්පාදකයො බනිනව මේ මිලෙනියල්ස්ල කිසිදෙයක් ගන්නෙ නැතුව බිස්නස් වට්ටනව කියල. උන්ට මොනම දෙයක්වත් මිලට ගන්න බැරි නම් උන් මොනව කරන්නද?
ඉතින් උන්ට සල්ලි නැතිනම් ඔච්චර ණය දෙන බිස්නස් එකක් මෙච්චර කල් දුවන්නෙ කොහොමද?
ඒකත් හොඳ ප්‍රශ්නයක්. සල්ලි නැති උනාම ණය ගෙවන්න බැරුව බංකොලොත් වෙනව තමයි. ඒත් සැලී මේ මේකටත් "විසඳුමක්" හොයා ගත්ත. ඔවුන් කලේ සෙනෙටර්ස්ල, කොන්ග්‍රස්මන්ල වගේ දේශපාලකයො සල්ලි, තෑගි වලට අරගෙන ශිෂ්‍ය ණය ගෙවීමට මුදල් නෑ කියා බංකොළොත්බව ප්‍රකාශ කිරීම තහනම් කෙරෙව්ව. සල්ලිනැති මනුස්සයෙක්ට තියෙන අන්තිම තුරුම්පුව වන බංකොළොත්බව වත් මේ අවාසනාවන්ත ශිෂ්‍ය ණයකාරයින්ට හිමි නෑ. ඇත්තටම වෙන කිසිම ණයක් එහෙම නෑ.
කොහොම උනත් මේ වෙනකොට ශිෂ්‍ය ණය ගෙවා ගන්න බැරි පිරිස එන්න එන්නම වැඩි වෙමින් තිබෙනවා. එයාලට කියන්නෙ defaultersල කියල. එතකොට සැලී මේ ට එන ආදායම අඩු වෙනව තමයි. ඒකටත් මේ කපටි ආයතනය විසඳුමක් හොයා ගත්ත. ඒ තමයි ඒ ශිෂ්‍ය ණයකරුවන් එකතු කරල (bundle) ඒව මූල්‍ය ආයතන වලට විකුණන එක. එතකොට ණය එකතු කරන්න ඕන වෙනම කට්ටියක්. සැලී මේගෙ ගාණ (ඇත්ත ගාණ නෙවෙයි, එයාලට අවශ්‍ය ගාණ) ලැබිල. ඔව් ඔව්, පට්ට රෝලක් තමයි යන්නෙ.
ඉකොනොමි පොඩ්ඩක්වත් දන්න කෙනෙක්නම් ඔය අන්තිම ඡේදය සෑහෙන අහල පුරුදු ඇති.
ඔව්, 2008 ලෝක ආර්ථික අවපාතය ඇති උනේ ඔය විදියට ඉවක් බවක් නැතිව නිවාස ණය දීල ඊට පස්සෙ ඒව බන්ඩ්ල් කරල ව්කුණල ලාභ ලැබීම නිසා තමයි. ඒකට කිව්වෙ housing bubble කියල. මේක student debt bubble. ඒක පිපුරුණාම ලෝකෙම මහා ආර්ථික අවපාතයකට ගියා. මේක ගැන කියන්න තාම කල් වැඩියි. ඒත් හිතා ගන්න අමාරු නෑ.
Student debr crisis කියල කියන්නෙ නිකම් නෙවෙයි කියල තේරෙන්න ඇතිනෙ. Bubbles පුපුරනව. කොයි වෙලේ හරි පුපුරනව.
අපි ඉන්නෙ මාර ලෝකෙක කියල හිතෙනව ඇති නේද?
බය වෙන්න දෙයක් නෑ. ඕව අපිට වෙන්නෙ නෑ. ඔය ඔක්කොම උනේ හරියට ගාණට වැඩේ කරගෙන ගිය සැලී මේ ආයතනය පෞද්ගලීකරණය කරපු නිසා. එතනින් පස්සෙ තමයි එයා ලාභය පමණක් අරමුණු කරගෙන කූට ව්‍යාපාර මොඩලයකට ගියෙ.
අපේ රට එහෙම රටක් නෙවෙයිනෙ. අපේ රටේ කවද්ද රාජ්‍ය ආයතනයක් පෞද්ගලීකරණය කලේ?
.
.
.
.
.
.
.
නේද?
Dr Naveen Udawella
Tuesday, September 19, 2017
Sunday, June 11, 2017
නොහැක.
=============================
.
රටේ ආර්ථිකයට ගැලපෙන වෘතිය අවස්ථා නව විෂය ක්ෂේත්‍ර පුළුල් කළ යුතුය.
අපේ රටට එයට ඇති තරම් මුදල් ඇත.
[මන්ද යත් 2006 වර්ෂයේ පණක් දුෂණ වංචා නිසා රටට අහිමි වූ මුදල ජාතික අදායමෙන් 1/3කි (කෝප් කමිටු වාර්තාව අනුව ]
නමුත් මේ ගැටලුවට ආණ්ඩුව දී ඇති option එක නිදහස් අධ්‍යාපනයට ප්‍රතිපාදන කප්පාදු කරන අතෙරේ මුදල් ගෙවා ඉගෙන ගන්න ඉඩ දීමයි. මෙහිදී මුදල් නැති දරුවන්ට සිදුවන අසාධාරණය ගැන කිසිවෙක් කතා කරන්නේ නැත.
මේ පවතින ක්‍රමය යටතේ එම දරුවන් මුදල් ගෙවා අධ්‍යාපනය ලබා ගැනීම මම වරදක් ලෙස නොදකිමි.
රජෙයේ රෝහල් පුළුල් වී ඒවායේ පහසුකම් පුළුල් වනතාක් රාජ්‍ය සේවය ශක්තිමත් කිරීමට සහ රාජ්‍ය සේවකයාට දිරි දීමට ප්‍රතිපත්ති ක්‍රියාත්මක වන තාක් ඔබට මට ප්‍රයිවට් ප්‍රැක්ටිස් වලට ද යාමට සිදුවේ.
Saturday, May 13, 2017
Medical student letter to Padeniya sir (replying Sarath Gamini sir)
President,
Government Medical Officers’ Association,
Colombo.
Regards,
Wednesday, March 15, 2017
"My SAITM Story" ස්ටෝරිය දැන් නම් හොඳටම පැහැදිලිය..
ඊලන්ගට ලන්කවේ ඒ ලෙවල් හරි නැති විභාගය්ක් නිසා ලන්ඩන් ඒ ලෙවල් කල බව කියන පිරිසකුත් ඇත. ඒ උනාට ඔවුන්ට අවශ්‍ය ශ්‍රී ලන්කාවේ එ ම් බී බී එස් උපාධියකි. ඔවුන් එසේ ඉල්ලන්නේ ඔවුන්ට ලන්ඩන් ක්‍රමයට උපාධිය ගැනීමේ ශක්‍යතාවය නැති නිසා බව නොපවසයි.
මෙය ජනතා ඔබ සිහි නුවණින් වටහා ගත යුතු ස්ටෝරියන් වේ. මෙම ළමුන් අහින්සක ඔබේ ළමුන් නොවේ. තම මුදල් බලයෙන්, දූශිත දේශපාලුවන්ගේ බලයෙන්, පගා කොමිස් බලයෙන්, නිසි බලධාරී ආයතන කිසිවක අනුමැතිය නොමැතිව අරඹන ලද හොර උපාධි කඩයට බැන්දෙන්නේ තම බලයෙන් රටේ නීතිය, රෝගීන්ගේ ආරක්ශාවට ඇති එකම ආයතනය වන ශ්‍රී ලන්කා වයිද්‍ය සභාව පාගා දමමිනි. ඔවුන් මෙහි ගොදුරු බවට පත් වූවෝ නොවෙති. ඔවුන් මේ ප්‍රශ්නය උඩු දිවීමට හේතු වූ පිළිළයයි. විවිධාකාරයේ සුරන්ගනා කථා ගොතමින්, ඔවුන්ට එරෙහිව නැගෙන දැවැන්ත විරෝධය හමුවේ, ඔබේ අනුකම්පාව දිනා ගැනීමට මේ දරන වෑයම, "තමන්ට වෙඩි තබා ගත් සමීර ඝාතන සැලැස්මට" සමාන නොවන්නේ කෙසේද? ජනතාවනි ඔබෙ බුද්ධිය භාවිතා කරන්න! ඔබව ගොනාට ඇන්දීම අරඹයා ගොතන සුරන්ගනා කතා වලට රැවටෙන්න එපා! සයිටම් ශිෂ්‍යයන්, සයිටම් වසන්ගතයේ ගොදුරු නොවේ! ඔවුන් එම වසන්ගතයේම කොටසක් බව නොපමාව හන්දුනාගන්න!
#abolishsaitm





