Wednesday, March 15, 2017

"My SAITM Story" ස්ටෝරිය දැන් නම් හොඳටම පැහැදිලිය..

ස්ටෝරිය දැන් නම් හොඳටම පැහැදිලිය.. 😂😂😂


සමීර සේනරත්නගේ වෙඩි තැබීම රන්ගනයක් බව ඔබට අපි මුලින්ම පැවසුවා මත ඇතැයි සිතමි. දැන් මේ "My SAITM Story" ලෙස අන්තර්ජාලය පුරා පැතිරෙන ප්‍රෝඩාවද නාට්‍යයක් බව කිව යුතුමය. කිසිදු නිල සාක්ශියක් නොමැතිව හුදු පුස් ප්‍රකාශ කරන්නේ ජනතවගේ අනුකම්පාව දිනා ගැනීමේ අටියෙන්ම පමණක් බව අවධාරණය කළ යුතුය. ඔවුන් නගන ප්‍රධාන තර්කය වන්නේ ඔවුන් අධික පෝසත් අය නොවන බවය, නමුත් ඔවුන් මසකට ලක්ශ දෙකක් බැගින් අවුරුදු පහක් ගෙවන්නේ කෙසේදැයි නොපවසයි. මීලන්ගට ලන්ඩන් ඒ ලෙවල් කල අහින්සක දුප්පත් ලමුන් ගැන කතා කරයි. ලන්කාවේ අනිකුත් සියලු දෙනා මෙන් ඔවුන්ට අපේ ඒ ලෙවල් කල නොහැකි ඇයි දැයි නොපවසයි. තවද ලන්කාවේ ඒ ලෙවල් වරක්/දෙවරක් අසමත් වී බොහෝ අය ලන්ඩන් ඒ ලෙවල් ඒ තුනක් ගත් බව නොපවසයි.
ඊලන්ගට ලන්කවේ ඒ ලෙවල් හරි නැති විභාගය්ක් නිසා ලන්ඩන් ඒ ලෙවල් කල බව කියන පිරිසකුත් ඇත. ඒ උනාට ඔවුන්ට අවශ්‍ය ශ්‍රී ලන්කාවේ එ ම් බී බී එස් උපාධියකි. ඔවුන් එසේ ඉල්ලන්නේ ඔවුන්ට ලන්ඩන් ක්‍රමයට උපාධිය ගැනීමේ ශක්‍යතාවය නැති නිසා බව නොපවසයි.
මෙය ජනතා ඔබ සිහි නුවණින් වටහා ගත යුතු ස්ටෝරියන් වේ. මෙම ළමුන් අහින්සක ඔබේ ළමුන් නොවේ. තම මුදල් බලයෙන්, දූශිත දේශපාලුවන්ගේ බලයෙන්, පගා කොමිස් බලයෙන්, නිසි බලධාරී ආයතන කිසිවක අනුමැතිය නොමැතිව අරඹන ලද හොර උපාධි කඩයට බැන්දෙන්නේ තම බලයෙන් රටේ නීතිය, රෝගීන්ගේ ආරක්ශාවට ඇති එකම ආයතනය වන ශ්‍රී ලන්කා වයිද්‍ය සභාව පාගා දමමිනි. ඔවුන් මෙහි ගොදුරු බවට පත් වූවෝ නොවෙති. ඔවුන් මේ ප්‍රශ්නය උඩු දිවීමට හේතු වූ පිළිළයයි. විවිධාකාරයේ සුරන්ගනා කථා ගොතමින්, ඔවුන්ට එරෙහිව නැගෙන දැවැන්ත විරෝධය හමුවේ, ඔබේ අනුකම්පාව දිනා ගැනීමට මේ දරන වෑයම, "තමන්ට වෙඩි තබා ගත් සමීර ඝාතන සැලැස්මට" සමාන නොවන්නේ කෙසේද? ජනතාවනි ඔබෙ බුද්ධිය භාවිතා කරන්න! ඔබව ගොනාට ඇන්දීම අරඹයා ගොතන සුරන්ගනා කතා වලට රැවටෙන්න එපා! සයිටම් ශිෂ්‍යයන්, සයිටම් වසන්ගතයේ ගොදුරු නොවේ! ඔවුන් එම වසන්ගතයේම කොටසක් බව නොපමාව හන්දුනාගන්න!
#abolishsaitm

No comments:

Post a Comment